56 වන ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී අද සිට එළඹෙන 23 වැනිදා දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිතය. මෙවර සමුළුව ‘A Spirit of Dialogue’ (සංවාදයේ ආත්මය) යන තේමාව යටතේ සංවිධානය කර තිබේ.
මේ සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර රාජ්‍ය නායකයින් සහ ගෝලීය ආයතන ප්‍රධානීන් සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක්වීමට නියමිතව තිබේ.