ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ඉල්ලා අස්වීමට සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
අගමැතිනිය සිය ධුරවල කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බැවින්, එම ධුරවල වෙනසක් සිදු කිරීමට කිසිදු පදනමක් නොමැති බව ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේය. වර්තමානයේ කතාබහට ලක්ව ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත්, වරද සිදුව ඇත්තේ කුමන ස්ථානයකද යන්න එමගින් අනාවරණය වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
අගමැතිනිය ධුරයෙන් ඉවත් කරනු ඇතැයි විපක්ෂය ගෙන යන ප්‍රචාර හුදෙක් ඔවුන්ගේ “දවල් හීන” පමණක් බවත්, හරිනි අමරසූරිය විපක්ෂයට ප්‍රබල අභියෝගයක් වී ඇති නිසා මෙලෙස ඉලක්ක කර පහර දෙන බවත් ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.