ග්‍රාමීය ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව බස් රථ සේවා 40ක් ඊයේ (01) දින ආරම්භ කරනු ලැබීය.
ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති සැලසුම් සහගත ව්‍යාපෘතියක ආරම්භක පියවර ලෙස මෙම බස් රථ 40 ධාවනයට එක් කර තිබේ. හුදෙක් මූල්‍යමය ලාභය පමණක් පරමාර්ථ කර නොගෙන පොදු ජන සේවාව තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඒ අනුව, අලාභ ලබන මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ වෙනුවෙන් රජයෙන් විශේෂ දීමනාවක් ලබා දීමට අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙමගින් ආර්ථිකමය වශයෙන් වාසිදායක නොවන නමුත් ජනතාවට අත්‍යවශ්‍ය ග්‍රාමීය මාර්ග සඳහා විධිමත් ප්‍රවාහන සේවාවක් සැපයීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.