ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත කර ගැනීමට හැකි වී තිබේ.
නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් අද දිනයේ යළි ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක් පමණි.
මීට පෙර දෙසැම්බර් 22 වැනිදා ඉදිරිපත් කෙරුණු කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය, විපක්ෂව ඡන්ද 60ක් සහ පක්ෂව ඡන්ද 57ක් ලැබීම හේතුවෙන් වැඩි ඡන්ද 03කින් පරාජයට පත් විය. එවන් පසුබිමක අද පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී අයවැය සම්මත කර ගැනීමට පාලක පක්ෂය සමත් විය.