කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් වත්මන් රජය සතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, “පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” යනුවෙන් හැඳින්වෙන සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජය කෙරෙහි ඇති විශ්වාසය සහ රජයේ මතවාදය නිවැරදි යැයි පිළිගන්නා විශාල පිරිසක් සමාජ මාධ්‍ය තුළ ස්වේච්ඡාවෙන් පෙනී සිටින බවයි. ඕනෑම මතවාදී අරගලයකදී රජය වෙනුවෙන් පෙනී සිටින්නේ එම පිරිස බව ද හෙතෙම සඳහන් කළේය.
මීට පෙර යුගවලදී වැටුප් ලබන සමාජ මාධ්‍ය කණ්ඩායම් ක්‍රියාත්මක වන්නට ඇති නමුත්, වත්මන් රජයට එවැනි අවශ්‍යතාවක් නොමැති බව නලින්ද ජයතිස්ස සඳහන් කළේය. වත්මන් රජය බලයට පත් වූයේත්, එම බලය පවත්වාගෙන යන්නේත් වැටුප් ගෙවන කණ්ඩායම් හරහා නොව, රජය සහ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබූ බාහිරව සිටින ජනතාවගේ ස්වේච්ඡා දායකත්වයෙන් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.