නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ආචාර්ය එස්. ජයශංකර් ඊයේ (22) පස්වරුවේ දිවයිනට පැමිණියේය.