වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ සිදුකරන ලෙස පොලීසියට සෘජු නියෝගයක් ලබා දී ඇති බවත්, ඒ සඳහා පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇති බවත්, විමර්ශනවලට අදාළව තොරතුරු රැසක් මේ වනවිටත් ලැබෙමින් පවතින බවත් ඔහු අනාවරණය කළේය.
පාතාල සාමාජිකයෙකු වුවද, අපරාධකරුවෙකු වුවද, සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
“ඉදිරි දින දෙකක, තුනක කාලය තුළ මෙම අපරාධයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගන්නා බව” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.