න රජයේ ආරාධනයකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිං නුවර පැවැත්වෙන ‘2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීමේ’ සමාරම්භක උත්සවයට අද (13) එක්වූවාය.
චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ආර්යා පෙන් ලියුආන් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ලොව කිසිදු රටක් තවමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන නොමැති බවයි.
එබැවින්, කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා සියලු රටවල් සාමූහිකව කැපවිය යුතු බවත්, එම ඉදිරි ගමන සඳහා මෙම සාමූහික ප්‍රයත්නය අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.