එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වූ සිය ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය සිව්දින නිල ජපාන සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.
ජපන් රජයේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කෙරේ.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවීමට නියමිතව තිබීම මෙහිදී විශේෂත්වයකි. එමෙන්ම, ජපන් අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සමුළු රැස්වීමේදී දෙරටටම වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
සංචාරයේ ප්‍රධාන අංගයක් ලෙස, ටෝකියෝ නුවරදී පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමටද ජනාධිපතිවරයා කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් දැනුවත් කිරීම එහි අරමුණයි.
මීට අමතරව, ජනාධිපතිවරයා ජපන් රජයේ විශේෂ ආරාධිතයෙකු ලෙස ‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනයට ද සහභාගී වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.