එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සත්කාරකත්වය දරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය.

සැසිවාරය සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සැප්තැම්බර් 23 වනදා නිව්යෝර්ක් හි Lotte New York Palace හෝටලයේදී පවත්වන ලදී.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් බව වාර්තා වේ.

දෙරටේ නායකයින් අතර පැවති සුහද කතාබහකින් අනතුරුව, ඔවුන් සමරු ඡායාරූපයකට ද පෙනී සිටියහ.