එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය සඳහා සහභාගී වෙමින් සිදුකළ සිය සාර්ථක ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය විදෙස් සංචාරයේ දෙවන අදියර සඳහා ජපානය බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා ඊයේ (25) රාත්‍රියේ නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි.
ජපන් රජයේ නිල ආරාධනයක් අනුව සිදු කෙරෙන මෙම සංචාරය, සැප්තැම්බර් 27 වනදා සිට 30 වනදා දක්වා දින හතරක් පුරා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනපතිවරයා සමග එක්ව සිටී.