තමා සිය දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ඕනෑම අවස්ථාවක හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
තමන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන්නේ එය කළ හැකි නිසා බවත්, ජනතාවගේ මුදල් සොරකම් කළේ “පෝලිමට හිරේ යන කට්ටිය” මිස තමන් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
තමන් තඹුත්තේගම ප්‍රදේශයේ පැරණි පවුලකට අයත් බවත්, තඹුත්තේගම නගරයේ පිහිටි තමාට අයත් ඉඩම් දෙකක වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් මිලියන 225ක් බවත් සමරසිංහ මහතා හෙළි කළේය. වසර 20-30ක් පුරා තමන් හරි හම්බ කරගත් දේපළ ඇති බවත්, විශ්වවිද්‍යාලයට යාමට පෙර සිටම උපකාරක පන්ති පවත්වමින් ආදායම් ඉපැයූ බවත් ඔහු සිහිපත් කළේය.
තමන් මෙම වත්කම් පිළිබඳ සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ කොමිසමට ස්වේච්ඡාවෙන්ම ලබාදී ඇති බවත්, ඇත්ත කීමට සමහරුන් බිය වී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.