රටට අවශ්‍ය වන්නේ වන්දනාමාන කරන දේශපාලකයන් නොව, දියුණු චින්තනයකින් යුතු දේශපාලන නායකත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළ විට ඊට සමච්චල් කරන නායකයන් සිටිනවා. ගතානුගතික, හිස් පුම්බා අතහැර දැමූ චරිත වෙනුවෙන් තවදුරටත් මේ රටේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ,” යනුවෙන් ප්‍රකාශ කළේය.

දේශපාලකයන්ට වන්දනාමාන කරන පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාව තුළ ලෝකයේ දියුණුම ජාතිය ගොඩනැගීමේ අභියෝගය තම රජය භාරගෙන ඇති බවද පැවසීය.