අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කළාය.
දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟයට කඩිනමි විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව සහ වැඩි අධ්‍යාපන ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහ සහයෝගීතා අංශයේ දෙවන ලේකම් අශෝක් රාජු, වාණිජ අංශයේ ප්‍රථම ලේකම් Surabh Sablok, අධ්‍යාපන, උසස අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.