නිහඩ කාලසීමාවේදී හැකි අයුරින් ෂේප් එකේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙසට අගමැතීනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කළේය.


එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි.


අගමැතිනියගේ ප්‍රකාශය නීති විරෝධී බවට පැෆ්රල් සංවිධානය විසින් ද මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.


ඔවුන් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මතු දැක්වේ.


නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය.
சுதந்திரமானதும் நியாயமானதுமான தேர்தல்களுக்கான மக்கள் செயற்பாடு.
PEOPLE’S ACTION FOR FREE & FAIR ELECTIONS


ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා,
සභාපති
මැතිවරණ කොමිෂන් සභාව.
සරණ පිවත,
2025-05-05


ගරු සභාපතිතුමනි.


නිහඬ කාලය තුළ ප්‍රචාරක කටයුතු කිරීමට පෙළඹ වීම පිළිබඳව ගරු අගමැතිතුමියගේ ප්‍රකාශය සම්බන්ධවයි.

මොරටුව තෙලවල දී 2025 මැයි 03 වන දින පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක දී අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය විසින් නිහඬ කාලය තුළ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකල බව නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව අපවෙත පැමිණිලිද ලැබී ඇත.

2025 පළාත් පාලන මැතිවරණයට ප්‍රචාරක කටයුතු වලට ලබා දුන් නිල කාලය 2005 මැයි මස 03 වන දින මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන අතර, ඉන් පසු නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු සිටීම නීති විරෝධී වන පසුබිමක, ගරු අගමැතිනිය විසින් නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට පෙළඹවීමක් සිදු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට පෙළඹවීමක් මෙන්ම මැතිවරණ නීතිය නොසලකා හැරීමක් ද වේ.

අග්‍රාමාත්‍යවරිය ලෙස සහ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට පෙළඹවීම ගොඩනැගෙමින් පවතින යහපත් දේශපාලන සංස්කෘතියට ප්‍රබල බලපෑමක් එල්ල කරන කාරණයකි.

එමෙන්ම මෙය මැතිවරණ සංස්කෘතියට මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයට බලපෑමක් සිදුවන කාරනයක් බැවින් මේ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ