උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

අවුරුදු හැත්තෑ පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව කී අග්‍රාමාත්‍යවරිය, තවදුරටත් ඒ ජනතා විරෝධී දූෂිත අපරාධවලට රැකවරණයක් නොමැති වීම නිසා පටන් ගන්නවිටම ඒකෙන් බය වුණ, අවුල් වුණ පිරිසක් රාජ්‍ය සේවය තුළ, ආරක්ෂක සේවය තුළ, මේ සියල්ලම දේශපාලන ආශිර්වාදය එක්ක පවත්වාගෙන ගිය බව ද සඳහන් කළාය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව, හුංගම, තංගල්ල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.