“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් කමිටු ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

“ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි හදනවා ගමේ. ලොකු ලොකු ගැටුම් තියෙනවා. ඒවා සමාලෝචනය කරගන්න අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. මේකේ කවුද ඉන්නේ ? ගමේ ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් මේක ගයිඩ් කරනවා. ඒ විතරක් නෙමෙයි ගමේ ඉන්නවා මත්ද්‍රව්‍ය නිවාරණයට අයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, එයත් මේකේ සාමාජිකයෙක් වෙනවා. ඊට අමතරව වැඩිහිටියෙක් සභාපති කරගන්නවා. කාරක සභාවක් අපි පත්කර ගන්නවා. ගමේ සාමය තියා ගන්න වෙනමම කමිටුවක් අපි පත්කර ගන්නවා”යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.