ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.
මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු:
🔹 දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න රාජ්‍ය සේවාවක් වර්ධනය කිරීම
🔹 විනිවිදභාවය සහ වගවීම සතු රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීම
🔹 සාදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම
🔹 අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උපකාරී වීම
මේ අනුව සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මූලිකව මෙම ඒකක පිහිටුවීමට උපදෙස් ලබාදී ඇත. ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත ලිඛිතව දැනුම්දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.