මේ වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාව බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අයවැය යෝජනාවලිය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මේ වසරේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වැඩිම ප්‍රතිපාදන ලබාදෙන බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රු. 27,000ක් ලෙස සහ 2026 වසරේ සිට රු. 30,000ක් ලෙස ඉහළ නැවීමට යෝජනා කර ඇත.
වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවක වැටුප් ඉහළට
රාජ්‍ය සේවක වැටුප් ඉහළට, රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 24,250 සිට රු 40,000 දක්වා රු. 15,750කින් ඉහළට
රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රු. 24,250 සිට රු 40,000 දක්වා රු. 15,750කින් වැඩි කිරීමට යෝජනා කෙරේ.
– දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම
– වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් ඉහළ නැංවීම.
– රාජ්‍ය අංශයේ සියලු ම සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැළපීම
– මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රු. බි. 325ක්
– පවතින රාජ්‍ය මූල්‍ය බාධා සැලකිල්ලට ගෙන මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීම
– මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු. 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මස සිට ගෙවනු ලබන අතර, ඉතිරි 70% 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී කොටස් වශයෙන් ගෙවීම
– 2025 ජනවාරි මස 1 වන දා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීම
– රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ දැමීම
‘ශ්‍රී ලාංකික දිනය’
‘ශ්‍රී ලාංකික දිනය’ නමින් ජාතික උත්සවයක් පැවැත්වීමට ජනාධිපතිවරයා යෝජනා කරයි.
මෙම උත්සවය පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවිධාන කෙරෙනු ඇත.
මේ සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති රාමුව, ප්‍රජාවන් අතර පරතරයන් පියවීමට කැපවීම, සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා දැක්මක් ඉදිරිපත් තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 3%ක අමතර පොලියක්, ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමටත් යෝජනා
ද්විත්ව බදුකරණ ගිවිසුම පුළුල් කෙරෙනු ඇත
ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට යෝජනා කෙරේ
භාවිත නොකළ රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙනු ඇත.
ආර්ථික ක්‍රියාවලිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යොදා ගැනීමට යෝජනා කෙරේ.
එක් ස්ථානයකින් සියලු සේවා යන සංකල්පය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට නීති සම්පාදනය කෙරෙනු ඇත.
ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීමට නිරීක්ෂණය කිරීමට සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම දේශීය සමාගම් හට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු කිරීම
බිම්සවිය වැඩසටහන කඩිනම් කෙරේ.
බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කෙරෙනු ඇත.
රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතිය අපේක්ෂිත ප්‍රතිඵල සපුරාලීමට 2025 වසර සඳහා රු. මි. 750ක් වෙන් කිරීමට යෝජනා කිරීම
මසක් ඇතුළත යෝජිත කොළඹ බටහිර 2 පර්යන්තය සහ කොළඹ උතුරු වරාය ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීමට අපේක්ෂා කෙරෙයි.
කෙරවළපිටිය රේගු පරීක්ෂණ අංගනයේ සහ බ්ලූමැන්ඩල් භාණ්ඩ සේවා සැපයුම් උද්‍යානයේ මූලික සූදානම් කිරීම කටයුතු සඳහා සහය වීමට රු. මි. 500ක් වෙන් කර තිබෙනවා.
කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා උසස් ස්කෑන් පද්ධතිවල මූලික සංවර්ධනය සහ ස්ථාපනය කිරීම සඳහා සහය වීමට රු.මි. 1000ක් වෙන් කර තිබෙනවා.
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 3%ක අමතර පොලියක් ලබා දීමට ද ජනාධිපතිවරයා යෝජනා කර සිටියා.
2025 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට, 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපෙක්ෂා
මේ වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපෙක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසනායක පවසනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, මන්ත්‍රීවරුන්ට මේ වසරේ වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බවය.
රජය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසී කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
නොවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක් පිහිටුවීමට රු. මිලියන 1000ක් වෙන්කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ජපන් ආධාර යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවා.
2025- 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
සරල, විනිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි තීරු බදු රාමුවක් නිර්මාණය කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් මත පදනම්ව නව තීරු බදු නිර්ණය කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කිරීමට කටයුතු කරනවා.
ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා
විදේශ වෙළෙඳාමට සම්බන්ධ ප්‍රධාන ආයතන සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රිය සහ ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළෙඳ කවුළුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නව රේගු පනතක් ද හඳුන්වා දීමදීමට නියමිතය.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධව නව පනතක් හඳුන්වා දීමටද අපේක්ෂ කෙරේ.
2025 වසරේදී භාණ්ඩ හා සේවා අපනයන ඩොලර් බිලියන 19කට ආසන්න වාර්තාගත ඉහළ මට්ටමක් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව 2028 වසරේ සිට ක්‍රමානුකූලව වැඩිවන ණය සේවාකරණ ගෙවීම සඳහා ඉතා හොඳ සූදානමක සිටින බව තහවුරු කරනවා
2028 ණය සාර්ථකව ගෙවන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන බවත් දිළිඳු බව වර්ධනයට තිත තබා එය අවගමනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් 2025 වසරේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.