චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය.
රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමටද නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ චීන අගමැති ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මෙම අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.