පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානි වූ වගාවන් සඳහා ලබා දෙන වන්දි මුදල් මේ මස අවසානයේ ලබාදීමට නියමිත බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

මේ වනවිට වගා හානි පිලිබද තක්සේරු කිරීම් 95%ක් පමණ අවසන් කර ඇති බවත් යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී ප්‍රදේශවල වගා හානි තක්සේරුකිරීම් අවසන් අදියරේ පවතින බවත් එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සදහන් කරයි.

ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානවලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබුණු පසු අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.