පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ මුල්කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වී ඇති පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළ, අනාගත දේශපාලන සැලසුමක කොටසක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පොහොට්ටු හිතවාදී ශිෂ්‍ය පිරිසක් විසින් සංවිධානය කර තිබූ හමුවීම් සාර්ථක කර ගැනීමට නොහැකි වන බව කල්තියා දැන සිටියදීත්, නාමල් රාජපක්ෂ සිය බිරිඳ ඇතුළු පිරිස සමඟ මෙම සංචාරයට එක්ව ඇත්තේ විකල්ප දේශපාලන ආයෝජනයක් ලෙස ඇයව සමාජගත කිරීමේ පූර්ව සැලසුමක් සහිතව බවට මත පළ වෙමින් තිබේ.
සමාජ මාධ්‍ය ඡායාරූප හරහා ඇයව දේශපාලන ප්‍රතිරූපයක් ලෙස ගොඩනැගීමේ මූලික පියවර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙම නව ප්‍රවණතාව ඉදිරියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද ප්‍රබල දේශපාලන අභියෝගයක් හෝ ගැටලුවක් නිර්මාණය කිරීමට ඉඩ ඇති බවත් විශ්ලේෂකයෝ වැඩිදුරටත් අනුමාන කරති.