මේ වන විට රට තුළ උද්ගතවී ඇති තත්ත්වය අනුව පෙනී යන එක් කරුණක් නම් මාලිමා ආණ්ඩුවට ලංකාවේ පශ්චාත් – නූතන මාධ්‍ය කලාව තේරුම් ගැනීමට සහ ඒ සමග වැඩ කළ යුතු ආකාරය පිළිබඳව වැටහීමක් නොමැති බවයි. මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ මේ දිනවල ජනමාධ්‍ය ඇමතිවරයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශන යි.

ඔහු ප්‍රකාශ කරන්නේ කිසිදු මාධ්‍ය ආයතනයක් වාරණය කරන්නේ නැති බවයි. නැතහොත් අත තියෙන්නෙ නැති බවයි. ඒ මඟින් පෙනී යන්නේ ඔහු වර්තමානයේ පවතින කිසිදු පැරණි සමාජ න්‍යායකට හසු නොවන සමාජ – සංස්කෘතිය විකුණන සහ ඉන් යැපෙන පශ්චාත් – නූතන මාධ්‍යකලාව පිළිබඳව කුඩා හෝ වැටහීමක් නොමැති බවයි. නූතන මාධ්‍ය වැඩකලේ රටේ සමාජ සංවර්ධනයට සහ ආර්ඵික පරිවර්තනය ඇති කිරීම සඳහාය. නලින්ද ජයතිස්ස තවමත් සිතන්නේ මෙරට පවතින්නේ සංවර්ධන මාධ්‍ය කලාවක් බවයි. ලංකාවේ ඇත්තේ පශ්චාත් – මාධ්‍ය ව්‍යාපාරයකි . ඒ අනුව ඔහු නොමග ගොස් ඇත.

වර්තමානයේ බලයට පත් වී සිටින මාලිමා ආණ්ඩුව හිරු දෙරණ මාධ්‍ය ආයතන නිදහස් මාධ්‍ය කලාව සමග පටලවාගෙන ඇත. ඒ වෙනුවට සිල්වා සහ දිලී ජයවීර යන මාධ්‍ය අයිතිකරුවන් සිය මාධ්‍ය ආයතන හරහා රටටම තමන්ට හිතුණු හිතු ආකාරයෙන් මෙහෙයවීම සිදුකරන විට ආණ්ඩුව මාධ්‍ය නිදහස පිළිබඳව සිය තපස් වෘතය රකිමින් සිටි.

එසේම මෙම හිරු දෙරණ වැනි මාධ්‍ය ආයතන සමග තරග කිරීමට රජයේ මාධ්‍ය ආයතන වලට සෙනේෂ් සහ වෙදමුල්ල යන හා පැටවුන් දෙදෙනා පත් කර ඇත. ඒ හරහා අපිට පෙනී යන්නේ අලි – කොටි ඉන්නතැනකට හා පැටවුන් ගෙනහින් දැමීම හා සමාන දෙයක් ලෙසයි. කොටස් වෙළඳපොලේ වංචා සිදුකළ, දෛනිකව දැමිය යුතු ප්‍රවෘත්ති පිළිබඳව ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට කතාකොට “මම කියන ඒවා දාපන් යකෝ” කියා උපදෙස් දෙන රෙනෝ සහ දිලිත් සමග තරග කිරීමට උපාසක මහත්වරුන් දෙදෙනෙකු යොදා ඇත. මොවුන් දෙදෙනාම රෙනෝ සහ දිලී ජයවීර යනු කවුද යන්න පිළිබඳව නොදනී. එය හරියට කොකාකෝලා බෝතලයක් බ්‍රසීලයේ ගෝත්‍රිකයන්ට ලබා දීම හා සමානය. මන්ද ගෝත්‍රිකයන් කොකාකෝලා පිළිබඳව නොදන්නා එබැවිනි.

තවමත් රජයේ මාධ්‍ය ආයතනයන් පෞද්ගලිකා මාධ්‍ය ආයතන වලට නොදෙවෙනි ලෙස උදේට පත්තර කියවන්න කොල්ලෙක් හොයාගන්න බැරි වෙලා තියනවා. (චමුදිත, චතුර අල්විස්ව ඉවර වෙන විදිහට). ඒ තරම්ම රාජ්‍ය මාධ්‍ය ආයතන අසරණ වී ඇත.

මේ වන විට හිරු සහ දෙරණ යන මාධ්‍ය ආයතන දෙක ස.ජ.බ. යේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු voice cut සඳහා තෝරාගෙන ඇත. හේෂා විතානගේ, නලීන් බණ්ඩාර, චමින්ද විජේසිරි, හර්ෂණ රාජකරුණා එලෙස හිරු සහ දෙරණ මාධ්‍ය ආයතන වල voice cut ලබාදීම සඳහා පත්වීම් ලැබූ මන්ත්‍රීවරුන්ය. ඒ අනුව මොවුන්ව voice cut මන්ත්‍රීවරුන් ලෙස හැඳින්විය හැක. මෙම මන්ත්‍රීවරුන්ව හිරු සහ දෙරණ මාධ්‍ය ආයතන විසින් තමන්ට අවශ්‍ය විදිහට හයර් කරනු ලැබේ. රෙනො සහ දිලිත් මේ අයට call කරලා කියන්න ඕන දේ කිව්වහම මේ අය ඇවිත් ඒ දේ මාධ්‍යයට කියනවා. මාලිමාව හිතන්නේ මේ අය පක්ෂයෙන් දාලා කියලා. මාලිමාව දන්නෙ නැහැ මේ අයව පක්ෂයෙන් දාලා නෙමෙයි රෙනෝ සහ දිලීත් මේ අයව හයර් කරල තියෙන්නෙ කියලා. මාළිමා ආණ්ඩුව මෙය මාධ්‍ය නිදහස ලෙස වටහා ගන්නා විට අප මේ වටහාගන්නේ මාධ්‍ය ගණිකා වෘත්තිය ලෙසයි. එනම් මාධ්‍ය නිදහස ගණිකා වෘත්තීය සමග පටලවා ගැනීමක් ලෙසයි.

හර්ෂණ රාජකරුණට අපි කියන්නේ මාධ්‍ය නිදහස ගැන නෙමෙයි මුලින්ම ඔයාට පුළුවන් නම් ස.ජ.බ. ඇතුලේ ජලනිට විරුද්ධව පක්ෂ ඇතුලෙ තීන්දුවක් අරගෙන පෙන්නන්න. ඒ වගේම ලක්ෂ 700කට මන්ත්‍රීකම පාවා දුන්න කෙනාට අපි කියන්නේ මාධ්‍ය නිදහස ගැන බයිලා කියන්නෙ නැතිව තමන්ට ජලනි කරපු දේ කියන්න කියල. ආශු මාරසිංහට කියන්නේ පුළුවන්නම් මාධ්‍ය නිදහස ගැන කියනවා වගේම සාගල රත්නායක ගැනත් කියන්න කියල . ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය උගන්නන්ඩ කලින් තමන්ගෙ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න ඉගෙනගන්න කියල .

මාධ්‍ය නිදහස ගැන නලින්ද ජයතිස්ස කකුල් වෙව්ලමින් කියන දේවල් වලින් එලියට එන්නේ මාධ්‍ය පිළිබඳව මධ්‍යම පාන්තික අභිලාෂ මිසක පීඩිත පන්තියේ අභිලාෂයන් නොවේ. මෙම මාධ්‍ය පිළිබඳව මධ්‍යම පාන්තික ආකල්ප වලින් කිසිදු ආකාරයකට පීඩිත පංතියට සෙතක් වන්නේ නැත. අනුර කුමාර ජනාධිපතිවරයාගේ කකුල් වෙව්ලනවා මාධ්‍යය ඉස්සරහ. ඒ වගේම ආනන්ද විජයපාල ට සුළු දිය පහ වෙනවා රෙනෝ ද සිල්වගෙ හරි දිලිත් ජයවීරගේ හරි නම් කියනකොට.

දිලිත් ජයවීර කියලා කියන්නේ ආසාවට අනුන්ගේ BMW වල යතුර ඉල්ලගෙන ඒ වාහන රිවස් කරපු මනුස්සයෙක්. රේනෝද සිල්වා කියලා කියන්නේ මහරාජ ළඟට බයිසිකලයක් පැදගෙන වැඩට ආව අප්පෝ කෙනෙක්. මේ අයට සමබිමේ අපි බය නෑ.

අපි බලයට ආවොත් විජයනන්ද ජයවීරගේ වාර්තාව ක්‍රියාවට නංවලා, මාධ්‍ය නියාමන කොමිෂන් සභා ඇතිකරලා ඒවට නිලධාරීන් පත් කරලා මේ මාධ්‍ය ආයතන සියල්ලම නියාමනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ මාධ්‍ය ආයතන සියල්ලම සංඛ්‍යාත ලබාගෙන තියෙන්නේ අනීතික ආකාරයට. ඒක නිසා අපි බලයට පත්වුණොත් පළවෙනි සතියේම කරන්නේ මෙම තරංග විවෘත ටෙන්ඩර් කැඳවලා ඉහළම ලන්සුව තියෙන අයට ලබාදීමට කටයුතු කරනවා.

සමබිම පක්ෂය කියලා කියන්නේ මාධ්‍ය අයිතිකරුවන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා කොන්ද පණ නැති මාධ්‍ය කලාව වෙනුවට එඩිතර සංවර්ධන මාධ්‍ය කලාවක් නිර්මාණය කරන පක්ෂයක්. අපි කාගෙවත් ඇඳුම් වලට බය වෙන්නේ නැහැ.

සමබිම පක්ෂය – Samabima Party