පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරුණා. පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කරදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් ද දැනුම් දී තිබෙනවා.