
ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක යෙදී සිටිති. මේ අවස්ථාවේ චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව මහජන චීන සමූහාණ්ඩුව තහවුරු

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි
කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත. ජාතික ජන බలවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පෙරේදා (16) දින බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වූවාය. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාවක් වූ ඇය, නගරාධිපති තෝරාපත් කර ගැනීම

23න් 18ක් මාලිමාවට
පසුගිය 12 වෙනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක් ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ. බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට මාලිමාවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ

කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදු කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු හවුල කූට ලේඛනයක් සකස් කර තිබිණි. ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස එම කොමසාරිස්වරියට බලපෑම් කර තිබිණි.

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි. කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන

වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවයි.
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 12,362 කි. මේ අතර පසුගිය

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි

ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා නායකයින් එම ප්‍රහාර මාලාවේ ඉලක්කය විය. ප්‍රහාර මාලාවෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී ඇතුළු ජ්‍යෙෂ්ඨ

අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ – විදෙස් මාධ්‍ය
අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය. මෙහි ඉන්දියානුවන් 169

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට
පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ, රිලව් – මිලියන 5.17වඳුරන් – මිලියන 1.74දඬුලේනා – මිලියන 2.66මොනරුන් – මිලියන 4.24