දිට්වා විපතට පත් මහනුවර ජනතාවට වන්දි සහ නිවාස; මහයියාව උමග සහ ගැටඹේ පාලම වැඩ ඇරඹේ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සඳහා නව නිවාස ඉදිකර දීම, වන්දි ප්‍රදානය සහ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන් සහ නිවාස හානි
අහසට වෙඩි තියලා කෝටි ගණන් නාස්ති කළේ නෑ: නිදහස් උත්සවය ගැන ආණ්ඩුවෙන් විපක්ෂයට පිළිතුරු
පසුගිය 04 වැනිදා පැවති 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ආරක්ෂක හමුදාව අවතක්සේරු කළ බවටත්, යුද්ධෝපකරණ ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් රජය දැක්වූ අදහස් පදනම් විරහිත බවටත් විපක්ෂයෙන් ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. විශේෂයෙන් රජය ණයට ගත් මුදලින් ගෙනෙන අවි ආයුධ නිදහස් දින ප්‍රදර්ශනය කිරීම ජාතික අභිමානයට හේතුවක් නොවන බවට
ඉන්දියාවෙන් වැඩම කළ සර්වඥ ධාතු වන්දනාව ගංගාරාමයේදී අද ඇරඹේ
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හිමි වේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූන් වහන්සේලා අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් ඉන්දියානු සංචාරයක
“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සියලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත් වූහ. මෙම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊට
පටු දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් පෙළගැසෙමු – අග්‍රාමාත්‍යවරියගෙන් ඇරයුමක්
සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමූහිකවත් දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ, අලුත් නිදහසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ රට අලුත් මඟකට අවතීර්ණ වී සිටින බවයි.
අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය
නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අභිමානවත්
සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්
වසර 07ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත සංවර්ධන නිලධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල දින 09ක් පුරා සිදුකළ අඛණ්ඩ උපවාසය අද (03) අවසන් කෙරිණි. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති තීරණාත්මක
හර්ෂ ද සිල්වාට එරෙහිව සජිත්ගේ පිලෙන් ප්‍රහාරයක්
වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ සත්‍ය හෙළි කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එහි නවතම සිදුවීම ලෙස, සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන චරිත් අබේසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට
බලංගොඩ කස්සප හිමිගේ ඥාතීන් විරෝධතාකරුවන්ට එරෙහිවෙයි: “අපේ ඇප වැඩේ අවුල් කරන්න එපා”
“අපේ ඇප වැඩේ අවුල් කරන්න එපා”; බලංගොඩ කස්සප හිමිගේ ඥාතීන් නාමල්ගේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් පලවා හරී වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දිලූක කුලරත්න හෙවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දස දෙනාගේ පවුල්වල සාමාජිකයින්, අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බාහිර පිරිසකට එරෙහිව දැඩි
ශිරන්ති රාජපක්ෂ FCIDයට එන්නේ නෑ; සති දෙකක කල් ඉල්ලයි
‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊට සහභාගී නොවීය. පෞද්ගලික හේතූන් මත තමාට අද දිනයේ පැමිණිය නොහැකි බව ඇය නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිඛිතව පොලිස්