ගම නාමල්ව අතඇරලාද, නාමල් ගම අතඇරලාද?
ලබන නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ ඔවුන්ගේ බලකඳවුර ලෙස සැලැකූ හම්බන්තොට දිස්ත්‍රික්කය අත්හැර පලා යාමට සූදානම් වන බව වාර්තා කර තිබේ. අද (02දා) පළ කරන ලද ‘ලංකාදීප’ පුවත් පත මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 2020 මහා මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ වැඩි ම මනාප
වැඩබලන පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්
නව වැඩ බලන පොලිස්පති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දේශපාලන පලිගැනීම් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර ඇති බව හෙළිවේ. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ පිළිබඳව ඔහුගේ යූටියුබ් අඩවියේ කරුණු දක්වා තිබිණි. දේශපාලන පලිගැනීම්වලට ලක් කිරීමට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් එවකට පෙනී
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන
ශිෂ්‍යත්ව පිළිතුරු පරික්ෂාව අත්හිටුවයි
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත වූ මව්පියන් පිරිසක් සමග ඊයේ (30) පැවැති සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරණවා.
IMF හී දූතයින් හෙට ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට (02) මෙරට ට පැමිණෙන බව වාර්තා වෙනවා. එම පිරිස හෙට සිට 4 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි කියන්නේ. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
යුක්තිය බෝඩ් කෑල්ලක් විතරයි
පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම යනු බෝර්ඩ් ලෑල්ලක් පමණක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කළ එම මෙහෙයුම වෙනුවට මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ සහ කඩිනම් ක්‍රියාන්විතයක් ආරම්භ කරන බව ඔහු කියනවා. සියලු පොලිස් කොට්‌ඨාසවල වැඩි වශයෙන් නිලධාරින්
සජිත් අඩි කීපයක් පස්සට
රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින
තීරණාත්මක කැබිනට් තීන්දුවක්
ඊයේ (30) සවස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති මංගල කැබිනට් රැස්වීමේදී අනුමත කර ගන්නා ලද යෝජනා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මෙන් ම, ජනාධිපතිවරු හට ලබා දී තිබෙන හිමිකම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් අණ පනත් විශ්ලේෂණය කර වාර්තාවක්
පුනුරුදයේ පළමු පියවර
ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට්
රනිල් සජිත් සීසීකඩ
ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන්