නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්
පසුගිය පාලන සමයන්හිදී කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දීමට සිදු වූ කිසිදු ආකාරයක කරදරයක් වත්මන් රජය යටතේ සිදු නොවන බවට වරාය, මහාමාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහතික විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා
අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති
රටට අවශ්‍ය වන්නේ වන්දනාමාන කරන දේශපාලකයන් නොව, දියුණු චින්තනයකින් යුතු දේශපාලන නායකත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළ
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි
සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගත් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වැදගත් තීරණයට එළඹ ඇත. මෙම
විදෙස්ගත ලාංකිකයන්‍ට එතෙර සිට ඡන්දය දීමේ වරම්
විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් මැතිවරණ පනත යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ. එසේවුවද ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන
‘විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා’ – බලශක්ති ඇමති කියයි
රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන පිහිටුවා අවසන් යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස්
රියදුරු බලපත්‍ර අලුත් කිරීමටත් ’’ඔන්ලයින් ක්‍රමය’’
රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ විට අලුත් කර ගැනීමට වේරහැරට පැමිණීමට සිදුවන හෙයින් එය ජනතාව අපහසුතාවයට පත් කරවන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය. මාසයක් වැනි කෙටි කාලයකදී මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන බවද ඔහු කීවේය.
මහින්ද ආපහු කොළඹට
අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම ජීවිතයට පහසුකම් සැපයීම රාජ්‍යයේ කොටසක් බව පැවසූ එදිරිමාන්න මහතා ආණ්ඩුවේ මේ තීරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද සඳහන් කළේය. මහින්දට නිසි වටිනාකම
විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් දැරූ වියදම්
2021 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් සඳහා රජය විසින් දරන ලද වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව, 2021 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් රු. 4,166,033ක් ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 16,758,834ක් ද, ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රු.
ශෂීන්ද්‍ර රාජපක්ෂට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා ලු: අධිකරණයට දැනුම් දෙයි
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේ ය. ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය
නේපාලයේ විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිනිතබයි
නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා තිබේ. මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කළේය. එවැනි පසුබිමක අගමැති කේ. පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිරිස අතර ඇමතිවරුන් පවා සිටින බවට සඳහන් වන