ප්‍රංශයේත් වැඩ පටන්ගෙන
එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයගහණය කරවීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව මැතිවරණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අනුව එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පත්‍රිකා බෙදීම, දැනුවත් කිරීම සහ එම පිරිස් මගින් මෙරට සිටින ඥාතී මිත්‍රාදීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සක්‍රිය කර
හිට්ලර් ගෙනල්ලා දසරාජධම් ඉල්ලනවා
පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී උග්‍ර ලෙස ජාතිවාදය පතුරුවමින් ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකු විය යුතු බව ප්‍රකාශ කළ වෙඬරුවේ උපාලි හිමි සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. කලක් නිහඬව සිටි උපාලි හිමියන් මේ වනවිට සමගි ජන බලවේගයේ කටයුතුවලට ස්ථීර ලෙසම එක් වී ඇතැයි වාර්තා වේ. උපාලි හිමියන් සමඟ
බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා
විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තුවක්කු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා නිකුත් කර තිබෙන පිස්තෝලයට අමතරව රිපීටර් තුවක්කුවක්ද ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා. පිස්තෝලයට අමතරව මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව සඳහන් වෙනවා. මංත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදීමට නියමිතයි. ගාස්තු අයකර එම අවි
ලාල්කාන්තට පොලිස් ඇමතිකම දීම පිළිබඳ ප්‍රශ්නය – මාලිමාව ඉහළින් ම දිනන බව විරුද්ධවාදීන් පිළිගැනීමක්!
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික කේ. ඩී. ලාල්කාන්ත හට පොලිසිය බාර ඇමති ධුරය ලබා දෙන්නේ දැයි එක්තරා රූපවාහිනී නාලිකාවක හිමිකාරීත්වයේ අවශ්‍යතාවය මත ප්‍රශ්න කිරීමෙන් පැහැදිලි වී තිබෙන්නේ මාලිමාව විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව පිළිගැනීම යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. ලාල්කාන්ත මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවන අතර ඔහුට
මාගේ පියානෝ මට දේශපාලනය තහනම් කළා
තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවද පැවසූ ඔහු තමන්ව දේශපාලනයට ගෙන එන්න යෝජනා කළ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුගේ පක්ෂ සාමාජිකත්වය පවා තම පියා
අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.
පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්
ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර දෙන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පිටුපසින් ගොස් අසුන්ගෙන සිටින නිලධාරීන්ගේ හිසට ඉහළින් යම් යම් කටයුතු කිරීමට ගිය සජිත් පේ‍්‍රමදාස එතනින් ඉවත් කරනු ලැබීය. ඉන් පසුව එම නිලධාරීන් ඉදිරියට ගොස් අදාළ කටයුතු සිදුකරන ආකාරය රූපවාහිනිියේ සජීවී විකාශනයෙන් දැකගත හැකිවිය.
2024 ජනාධිපතිවරණ අපේක්ශකයන්
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනු ලැබුවා. එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගත්තා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය
මහින්දට හුගක් වැඩ කරා ඒ නිසා නාමල් පුතාට ඡන්දය දෙන්න
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පොහොට්ටුවේ මන්ත්‍රී චමල් රාජපක්ෂ සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු මෙරට විශාල වශයෙන් සංවර්ධනය වැඩකටයුතු රාශියක් කර ඇති බවත් මන්ත්‍රීවරයා