ජාතික ජන බලවේගය විසින් ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන් සම්බන්ධ කර ගනිමින් සමූහයන් රාශියක් එකතු කොට තිබෙන බව නීතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා. එසේ වුවත් මිනිසුන්ට ඒ පිළිබඳ විශාල හැඟීමක් තිබුණේ නැති බවයි ඔහු කියන්නේ. එහෙත් අදිටන ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සමුහය ගොඩනඟා ඒ වටා පිරිස එකතු වීමත් සමඟ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව ජනතාව විශ්වාස කළ බව ඔහු සදහන් කරනවා.
“මීට අවුරුදු එකහමාරකට පෙර මහරගම ජාතික තරුණ සේවා ශාලාවේ තිබුණු අදිටන රැස්වීමේ දී මම එක ඉල්ලීමක් කළා. ඒ මේ රට දූෂිත, වංචනිකයන්ගෙන් බේරාගෙන, රට ගොඩදැමීමේ මෙහෙයුමක් තිබෙනවා ඒකට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන්ට එකතු වෙන්න කියලා ආරාධනාවක් කළා. එදා එතන දහසක් හිටියා. ඊට අවුරුදු ඒක හමාරකට පස්සේ අපිට මහරගම ජාතික තරුණ සේවා සභාවේ ශාලාව මැදිවෙලා කොළඹ, මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයට එන්න වුණා. එදා දාහක් හිටපු වටේට අද වෙනකොට විසිදහසක් ඇවිත් ඉන්නවා. මෙතනින් එළියේ අද දවසේ මෙතන්නට ඇවිත් නැති තවත් විසිදාහක් ඉන්නවා. ඔකොම හතලිස් දාහක්. ඒ කියන්නේ ක්‍රියාකාරී හතළිස් දහසක්
ජාතික ජන බලවේගය විසින් ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන් සම්බන්ධ කර ගනිමින් සමූහන් රාශියක් එකතු කොට තිබෙනවා. නමුත් මිනිසුන්ට ඒ පිළිබඳ විශාල හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි අදිටන විශ්‍රාමික සමූහය හදලා වක්කඩේ ගලන්න වගේ ගලන්න ගත්තාම තමයි ජනතාව විශ්වාස කළේ ජාතික ජන බලවේගයට දින්නන්න තරමට ම සෙනඟ ඉන්නවා, දිනන්න පුළුවන් කියන එක. අනෙක් වෘත්තිය සංවිධාන හදන්න මාසයක් ගතවෙන කොට, විශ්‍රාමික අදිටන සාමූහිකය සතියට සමුළු පහ ගාණෙ තියන්න ගත්තා. අද දිවයිනේ ඉන්න ප්‍රබලම සංවිධානය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අදිටන සංවිධානයයි. අපේ සාමූහිකයට අඩුවෙලා හිටියේ හමුදාපති කෙනෙක් පමණයි. හිටපු නාවුක හමුදාපති අද්මිරාල් සිරිමෙවන් මහතා සහභාගීවීමෙන් අපට ඒ ගෞරවණීය අවස්ථාව උදාකර තිබෙනවා.
මෙතනින් එහාට අපට ගමනක් තිබෙනවා.
රට බරපතළ ලෙස ආර්ථික කඩාවැටීමට ලක්වෙලා. ජනතාව සෑම අතින්ම පීඩාවට පත්වෙලා. අද රනිල් කියනවා තෙල් පෝලිම් නැහැ කියලා. මිනිසුන්ට තෙල් ගහන්න සල්ලි නැහැ. ගෑස් ගන්න සල්ලි නැහැ. ලයිට් කපන්නේ නැහැ. අපිම අපේ ලයිට් කපා ගන්නවා. දරුවන්ට ඉස්කෝලේ යන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න අපි හැමෝම එකතු විය යුතුයි. මේ තියෙන්නේ අවසන් ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම.
මේ රට දැන් යුද පිටියක්. ආර්ථික වශයෙන්, සමාජීය පීඩනයන්ගෙන්, සංස්කෘතික වශයෙන්, යුද පිටියක්. නීතියේ විධානයේ ආධිපත්‍යය නැහැ. මේක අපේ අදහස්වලින්, අපේ කැපවීමෙන් කරන යුද්ධයක්. සැප්තැම්බර් 21 වන විට පුනරුද යුගය ආරම්භය වෙන්න ඕනෑ. මේ ජවයක් නැතිව වැටී ඉන්න මිනිස්සු, ජීවිතය අතහැර ඉන්න මිනිස්සු අවදි කරන්න ඕනෑ. ඔබට වැඩකරලා මහන්සි ඇති; අමාරු ඇති. ඒත් තව පොඩ්ඩක් අපි වැඩ කරමු.
සැප්තැම්බර් 21 දා අපේ ජයග්‍රහණය, මේ රටේ ජයග්‍රහණය ස්ථිරයි. මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව ස්ථිරයි. සැප්තැම්බර් 21 වෙනිදායි පස්සේ උදේ පාන්දර ඉර පායන්නේ අලුත් රටමට. පුනරුදයේ පරිවර්තන යුගයට” යි නීතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.