“ආර්ථික කණ්ඩායමත් එක්ක කරන විවාදයෙන් බලාගන්න පුළුවන් ආර්ථික කණ්ඩායමේ සාක්ෂරතාවය.” යැයි විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සමඟ පැවති හමුවකදීය.

කෙසේ වෙතත් ඔහු මීට පෙර සඳහන් කර සිටියේ තමන් අනුර දිසානායක සමග විවාදයකට පැමිණීමට සූදානම් බවය. එහෙත් ඔහු එය මුළුමනින්ම වෙනස් කරමින් දැන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ තමන්ගේ ආර්ථික කණ්ඩායම සමග පවත්වනු ලබන විවාදයක් ගැනය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,

“මටත් මගේ කණ්ඩායමටත් ඉහළම සාක්ෂරතවය ඒ පැත්තේ තියෙනවා. ඔය ඉස්සරහට එන වාද විවාදවල ඒ සාක්ෂරතාවය හොඳට මනින්නට ලක්ෂ 220ටත් හොඳට අවස්ථාව තියෙනවා.

විශේෂයෙන්ම ආර්ථික කණ්ඩායමත් එක්ක කරන විවාදයෙන් බලාගන්න පුළුවන් ආර්ථික කණ්ඩායමේ සාක්ෂරතාවය. ඊට පස්සේ අනික් මට්ටමෙන් කරන වාද විවාදවලින් අපිට බලාගන්න පුළුවන් පොලිටික්ස්වල ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්වල සහ ඕනම මාතෘකාවක් පිළිබඳව එක එක්කෙනාගේ සාක්ෂරතාවය හොඳට මනින්නට අවස්ථාවක් ලැබෙනවා. ඒකටත් අපි කොන්දේසි විරහිතව අවස්ථාව ලබා දෙනවයි කියන එකත් ප්‍රකාශ කරනවා.” යනුවෙනි.