ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ වෙබ් අඩවිය අද (21) කළ විමසීමේදී ඔහු මෙසේ සඳහන් කර ඇත.

” විවාදය සඳහා අපි දුන්න දිනවලට විපක්ෂ නායකවරයා බෑ කිව්වත්, එයාලා අපිට දුන්න දින වලට අපි කැමතියි. ඒ නිසා ප්‍රථමයෙන් නායකයින් දෙපළ අතර විවාදයකින් පසුව ආර්ථික කමිටුව සමඟින් විවාදයටත් අපි ලෑස්තියි”

අපි මේක බාරගනියි කියලා ඔවුන් සිතන්නේ නැතුව ඇතැයිද ජයතිස්ස අවසන් වශයෙන් සඳහන් කර සිටියි.


මාලිමාව ආර්ථික කවුන්සිල විවාදය මගහරින බවට සජබෙන් චෝදනා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදයට ජාතික ජන බලවේගය දින ලබාදුන්න ද දෙපාර්ශවයේ ආර්ථික කවුන්සිල සාමාජිකයින් අතර විවාදය ඔවුන් මඟහැර ඇති බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් එබව පැවසිය.


”අනුර සහෝදරයා නම් සූදානම්, ඉතින් ඔහු දුන්න දිනේටම ඇයි දැන් බෑ කියන්නේ?”- ආචාර්ය හරිනි අමරසූරිය

විවාදය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශයට පත්කළ දිනයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එකඟත්වය පළකර තිබියදී විවාදය තවදුරටත් මගහැරයාමට උත්සහ කරන්නේ ඇයි දැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රශ්න කරයි.

සජබ ආර්ථික කමිටුව සමග විවාදයකට වුවද තම පක්ෂය සුදානම් බව ඇයි කියා සිටියි.

(TheLeader.lk)