ක්ෂේත්‍ර 39ක විශේෂඥයන් විසින් සම්පාදන කරන ලදුව, ප්‍රධාන විෂයන් 4ක් යටතේ පෙළ ගස්වන ලද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) ජනගත කෙරේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්ගෞරවනීය ජීවිතයක් -සුරක්ෂිත රටක්නවීන ජීවිතයක් – පොහොසත් රටක් සහ අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක් යන ප්‍රදාන අංශ 4ක් යටතේ පෙළ ගස්වා ඇත.

එම පෙළ ගැස්මේ තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහ රට ගොඩ නැගීම යන කරුණු දෙක අතර ඓන්ද්‍රීය සම්බන්ධතාවයක් ගොඩ නගා තිබීම ය.