සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ලබා දුන් දින 04න් එක දිනයක හෝ තමන්ට විවාදයට සහභාගී වීමට නොහැකිනම් මැයි මස 20 වනදාට පෙර සජිත් ප්‍රේමදාස විසින් ලබා දෙන ඕනෑම දියක විවාදය සඳහා නායක අනුර දිසානායක සූදානම් බවත් එම නිසා එම මාසය ඇතුළත දින 03ක් හෝ 04ක් නම් කර එවන ලෙසත් එහි ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද සමගි ජන බලවේගයට දැනුම් දී තිබේ.
මේ වනවිට ලිපි හුවමාරු වී, සාකච්ඡා පවත්වා තිබුණද විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණ නොමැති බැවින් මෙම තීරණය ගත් බවත් මැයි 20ට පෙර තමන්ට හැකි ඕනෑම දින 03ක් හෝ 04ක් සජබ නායක සජිත් ප්‍රේමදාස විසින් ලබා දුන් පසු ඉන් එක් දිනයක විවාදය පැවැත්වීම සඳහා ස්ථානය, නාලිකාව, කාල වේලාව ආදිය තීරණය කර ගත හැකි බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් දැනුම් දී ඇත.
කෙසේ නමුත් මැයි 20 වෙනිදාට පෙර දිනයක් ලබා දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කටයුතු නොකරන්නේ නම්, එයින් තේරුම් ගන්නට සිදු වන්නේ විවාදය මග හැරීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව යැයිද සජිත් ප්‍රේමදාස විසින් එසේ දිනයක් නොදෙන්නේනම් ආර්ථික කවුන්සිලය සමග විවාදයට ජාතික ජන බලවේගය සූදානම් බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර තිබේ.