ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයට ලොව සුප්‍රකට විශ්ව විද්‍යාවල විද්‍යා මධ්‍යස්ථාවල සේවය කරන ලාංකික විද්‍යාඥයින් මෙන් ම, මෙරට සිටින විද්‍යාඥයින් ඇතුළු උගතුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වනවිට පැවැත්වේ.

ඇමරිකාවේ හුස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් කැන්සර් මධ්‍යස්ථානයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ඔස්ට්‍රේලියාවේ හයිඩ්‍රෝ බයලොජි ආයතනයේ විද්‍යාඥවරියක වන ආචාර්ය නදීකා රත්නායක, ඇමරිකාවේ බටහිර ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා, කැනඩාවේ මෙමෝරියල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර, ඇමරිකාවේ සෙන්ට් ලුවිස් විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය අජිත් කරුණාරත්න, ඇමරිකාවේ ඊස්ටර්න් ඉලිනෝස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝපල් පෙරියන්නන්, ඇමරිකාවේ කොන්ග්නිසන්ඩ් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සංජය එදිරිසිංහ මෙම ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමට විදේශයන්හි සිට දායක වී තිබේ. ඊට අමතරව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය නුවන් ලියනගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය නිමල් චන්ද්‍රසේන, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් මලවිපතිරණ යන විද්‍යාඥයින් සහ පර්යේෂකයන් මෙම ප්‍රතිපත්ති සම්පාදනයේදී මූලිකත්වය ගෙන ක්‍රියාකර තිබේ.

එය එළි දැක්වීමේ උළෙල මෙම විද්‍යාඥයින්ගේ ප්‍රමුඛත්වයෙන් තවත් පර්යේෂකයන් රැසකගේ සහභාගීවීමෙන් මේ වන විට පැවැත්වේ.