පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වී ඇති අලාභහානි පිළිබඳව ඊයේ (28) සවස් වන විට
නිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණු අතර, ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව විසින් සූදානම් කර තිබේ.
මේ වනවිට ලක්ෂ හතර ඉක්මවූ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින අතර, අවම වශයෙන් කුඹුරු හෙක්ටයාර් 64,000ක් විනාශ වී තිබේ. එමෙන්ම ජලාශ 106ක් බිඳී ගොස් ඇති අතර, නිවාස 102ක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව තවත් 1,952ක් අර්ධ හානියට පත්ව තිබෙන බව තහවුරු වී තිබේ.
මේ අතර, එක් පුද්ගලයෙක් සැඩපහරකට හසුව අතුරුදන් වී තවත් දොළොස් දෙනෙක් මිය ගොස් ඇත. අද සිට ක්‍රමයෙන් වර්ෂාපතනය අඩු වන අතර, ඉඳහිට වැසි සහ සුළං තත්ත්වයන් බලාපොරොත්තු විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකි පළ කර තිබේ. ඊයේ දහවල් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද ජල ගැල්මෙන් තර්ජන එල්ල වී තිබිණි.
සමස්තයක් වශයෙන් අවතැන් කඳවුරු 345ක් පවත්වාගෙන යන අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, පිසූ ආහාර සහ වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල ආණ්ඩුව විසින් සපයා දී තිබේ.