වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ඊයේ මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

“මෙරට ගොඩනැගීම සඳහා කාර්යභාරය පුරුකක් බවට පරිවර්ථනය කරන කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් තමා නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ ගොඩනැගෙන්නේ. එදිනෙදා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට පිළියම් ලබාදීම සඳහා ජනතාවට සමීප ජනතා නායකයින් ගොඩනැගීමට අවශ්‍යයි. ජනතාවගෙන් ඈත්වුණ නායකයින් නොවෙයි.

ජන්දෙ අරන් කොළඹ ඉන්න නායකයෝ නෙමෙයි. ඒ නිසා තමයි කිසිම ඇමතිවරයෙකුට කොළඹින් ගෙවල් නෑ. ආණ්ඩුවෙන් දෙන්නේ නෑ. ගමට එන්න ඕනේ. ගමේ ප්‍රශ්න ටික බලන්න ඕනේ. ජනතාව එකතු කරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ලංකාවේ මෙහෙම ආණ්ඩු හැදිලා නෑ. අපේ ප්‍රමුඛතම කාර්ය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන ආණ්ඩුව තමා ජාතික ජන බලවේග ආණ්ඩුව”යැයි ජනධිපතිවරයා කියා සිටියා.