නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60 කට වැඩි පිරිසක් මැතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැති බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

අවංකභාවයෙන් යුත් සහ විකිණෙන්නේ නැති, ජාතික ජන බලවේගයේ පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා. 2025 වසර වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි වසර බවට පත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.