ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට දෙදිනකට පෙර ලන්ඩනයේ පැවති ජන හමුවට සහභාගී වුණා එහිදී එහි සිටි අයෙක් ජනාධිපති ධුර කාලය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී විමසා සිටියේ “ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙන බව කියනවා. අවුරුදු 5 අවුරුදු 6ක් දක්වා දීර්ඝ කර ගෙන ඉන්න පුළුවන්ද” යනුවෙන්.
මේ ඊට ඔහු ලබාදුන් පිළිතුර යි.
“83 වගන්තියේ තියෙනවා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හය ඉක්මවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් මිස වෙනස් කළ නොහැකියි කියලා. 19 වැනි සංශෝධනයේ දී මේ වගන්තිය වෙනස් වුණේ නැහැ. හැබැයි ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහයි යනුවෙන් ඉතා පැහැදිලිව තිබෙනවා. මේ වගන්තිය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට උපයෝගී කර ගන්න බැහැ. එහෙම නම් කළ හැක්කේ දැන් නීතිය සම්මත කරලා ඊළඟ එන ජනාධිපතිවරයෙකුට විතරයි. ඒ නිසා 83 වගන්තියෙන් රිංගා යන්න කිසිම ඉඩක් නැහැ”