පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ.

අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තැබීය.