මෙච්චර ලිහිල් සහ නිදහස් ඉරියව්වකින් ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙක් ඉන්නවා දැක්කමයි.
සුදු බැනියම් වේට්ටි ටයි කෝට් නැතුව මෙහෙම කැෂුවල් ඇඳුමකින් ඉන්නවත් දැක්කමයි.
ඉනුත් විශේෂයෙන් අපිට වඩා හැම පැත්තකින්ම දියුණු රටකට ගිහිල්ල එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට කතා කරන්න මෙහෙම නිදහස් ඉරියව්වකින් අපේ රටේ දේශපාලඥයෙක් ඉන්නව දැක්කෙත් සෑහෙන කලාතුරකින්.
කලිසම ඇඟට ගානට, කමිසය ඇඟට ගානට, සපත්තු දෙක ගානට වගේ හැම දෙයක්ම නියමිත විදියට තියන නිසා ඒ ගැන වදවෙන්න ඕනි නැහැ. ඒවා ගැන වදවෙන්නේ නැතුව ආව වැඩේ කරන්න පුළුවන්.
ඒක නිසා බොරු පෞරුෂයක් පෙන්නන්න ඕනි නැහැ. ඇඳුමක් පිළිවෙලට අඳින්න පුළුවන් සහ එහෙම අඳින්න කැමති මනුස්සයෙක් කියල පේනවා. ඒ සවිඥාණික බව වැදගත්.
ඇඳුම ගැන විතරක් නෙවෙයි කියන හැම වචනයක් ගැනමත් සවිඥාණිකයි කියල අනුර ලඟින්ම ඉන්න අය මට කියල තියනවා. පොඩිවත් වැරැද්දක් කරන්න අපි කාටවත් ඉතිහාසයෙන් අවස්ථාවක් දීලා නැහැ කියල කියනව කියලත් මම අහල තියනවා.
ඇඳුම පෞරුෂයේ කොටසක්. මම හිතන්නේ එහෙම කෙනෙක් රටක නායකයෙක් උනාට කමක් නැහැ.
ඒ මගේ අදහස….
මේ වෙලාවේ කතාකරන්න පුළුවන් හැම කෙනෙකුටම කතාකරමු!
(අපි හැමදාම දකින පැත්තට විරුද්ධ දිශාවෙන් ගත්ත ෆොටෝ එකක් නිසා මේක වටිනවා).

Mahesh Hapugoda