වර්තමාන ශ්‍රී ලාංකික රාජ්‍ය සඳහා පදනම තැනූ විසිවෙනි සියවසට අදාළ මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සැමරුමක් අද (04) පැවැත්වෙනවා. අද සවස 4.00ට ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති මෙම සැමරුම පැවැත්වෙන්නේ කොළඹ පදනම් ආයතනයේ දී යි.

“විසිවන සියවස ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය” ලෙස නම්කර ඇති එම සැමරුමේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින්. එහිදී නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යයේ පදනම් බිම් සැකසූ විසිවන සියවසේ සැබෑ වීරයන් හා වීරවරියන් සැමරුම සහ ප්‍රකාශනය එළිදැක්වීමට නියමිත යි.