ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වටා මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ඒකරාශී වෙමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (08) රාත්‍රියේ බියගම ආසනයේ මල්වාන ප්‍රදේශයේ පවත්වන ලද රැලියට අති විශාල මුස්ලිම් ජනතාවක් එක් රැස් වී සිටියහ. මෙම රැලිය “මුස්ලිම් සහෝදරත්වයේ හමුව” යනුවෙන් නම් කර තිබිණි. මෙයට පෙර කින්නියා, මුතූර්, එරාවුර් ආදී ප්‍රදේශවල දී ද විශාල ජනකායක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට සවන්දීම සඳහා පැමිණ සිටියහ.