ජාතික ජන බලවේගය ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (NPP Election Monitoring Centre) පිහිටුවන බව අද (25) පවත්වන ලද මාධ්‍ය හමුවක දී හෙළි කරනු ලැබීය.
එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නයි. ඔහු මැතිවරණ කටයුතු පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීයා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, ජේ.ඒ.කේ. මාර්ක් සහ හිටපු අමාත්‍යංශ ලේකම් තිස්ස වර්ණසූරිය මෙම මධ්‍යස්ථානයේ සෙසු සාමාජිකයින් වේ.
එම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන් මෙන් ම, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ක්‍රියාකාරීන් වන හිටපු ජේෂ්ඨ පොලිස්පතිවරු ඇතුළු පිරිස අවධාරණය කරනු ලැබුවේ මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය ජාතික ජන බලවේගය විසින් පිහිටුවන නමුත් එය ස්වාධීනව ක්‍රියා කරන බව ය.
ජනතාවගේ නිදහස් හා සාමකාමී ඡන්ද අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය දිවයිනේ දිස්ත්‍රික්ක 24ම ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතු සිදු කරමින් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග වෙනුවෙන් මැදිහත් වන බව අවධාරණය කරනු ලැබීය.