එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් විය යුතු බවට මේ වනවිට සජිත් පිල තුළ දැඩි බලපෑමක් අලුතින් හට ගෙන ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක සජිත් පිළ තුළ නැවත වරක් එම බලපෑම වර්ධනය වී තිබේ. මෙයට පෙර අවස්ථා කිහිපයක දී ද එක්සත් ජාතික පක්ෂය සමඟ එක් විය යුතු බව සජිත් පිලේ ප්‍රබලයන් ප්‍රසිද්ධියේ ම අවධාරණය කර තිබිණි. නමුත් එය ක්‍රියා මාර්ගයක් බවට පරිවර්තනය නොවීය.
නමුත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සියලු දෙනා සජිත් පිල නැවත එක් කර ගැනීම පිළිබඳව පූර්ණ එකඟතාවෙන් සිටින බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස සහ ඔහුට සමීප ඉතා සීමිත පිරිසක් හැර පොදුවේ බහුතර මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී ජාතික ජන බලවේගයට මුහුණ දිය යුතු බව පොදු මතයකට පැමිණ සිටිති.