ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය පළමු ජනාධිපතිවරණ ප්රචාරක රැලිය මේ වනවිට තංගල්ල නගරයේ දී පවත්වනවා. ඇද හැලුණු තද වැසිද නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා.
අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි නම් කර ඇත්තේ ‘රට අනුරට’ නමින්. අද (17) මේ මොහොතේ හම්බන්තොට දිස්ත්රික්කයේ තංගල්ල නගරයේ පළමු ජන රැලිය පැවැත්වෙන අතර අද සවස මාතරදීත් අනතුරුව ගාල්ල නගරයේත් අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන ජන රැලි දෙකක් පැවැත්වෙනවා.
‘රට අනුරට’ ලෙස නම්කරන ජන රැලි මාලාව දකුණු පළාත් ජන රැලි තුන නම්කර ඇත්තේ ‘රුහුණ පෙරට රට අනුරට’ නමින්.