ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට් තීරණ හෙට (ඔක්තෝබර් 01) මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිවරයා විසින් ජනතාවට දැනුම්දීමට නියමිත ය.