තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ
ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක (AKD) පවසයි.
අනුර කුමාර දිසානායක එබව කියා සිටියේ, ”පුනරුදයට රටම එකට” මාලිමාවේ කැබිතිගොල්ලෑව ජන රැලිය ඊයේ (09) අමතමිනි.
මාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක්
මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඊයේ (09) දින මාලබේ පැවති රැස්වීමකදී පැවසුයේ, මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බවයි.
ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය