සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදී වෛරී ප්‍රචාර ගෙන යාම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම පළ කිරීම් චේනතාන්විතව සිදු කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
ඒ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් අතර ගෑස් සිලින්ඩරය යටතේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනු දෙදෙනෙකු ද සිටින බව ඇමතිවරයා පැවසීය. පසුගිය 21 වෙනි දින 27 වෙනි දින දක්වා උතුරු ප්‍රදේශයේ “මහවිරු සැමරුම්” උත්සව 244ක් සිදු කර ඇති අතර එයින් 10ක පමණක් යම් යම් නීති විරෝධී සංඛේත ප්‍රදර්ශනය කරන ලද බවත් එම පිරිසට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එසේ අත්තඩංගුවට ගත් පුද්ලයින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වැඩි දුරටත් පැවසීය.
එමෙන් ම, තමන් විසින් කරන ලද ප්‍රකාශයක් චේතනාන්විතව සාවද්‍ය ලෙස විකෘති කර පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස දඩමීමා කර ගෙන ජාතිවාදී විරසකයන් ඇති කිරීමට වර්තමාන ආණ්ඩුව කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ තමන් වෙත අපහාසාත්මක ප්‍රචාර රැසක් සිදු කළ ද ඒ කිසිවක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වන අතර ජාතිවාදය ඇවිස්සීමේ චේතනාවෙන් සිදු කරන කිසිදු ප්‍රචාරයකට ඉඩ ලබා නොදෙන බව නැවත අවධාරණය කළේය.