හා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ප්රමුඛ පාතාල අපරාධ මර්දනය කිරීම ප්‍රමුඛතම ජාතික වැදගත්කමක් ලෙස සලකා ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
අගමැතිවරිය මේ බව සඳහන් කර ඇත්තේ, සමස්ත ලංකා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්රදානය කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක් වෙමිනි. එහි දී සභාව අමතමින් විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ, ජාත්‍යන්තර වශයෙන් මෙරටට බලපා තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම කෙරෙහි ය.
එම ජාවාරම් මර්දනය කිරීමේ දී නාවික හමුදාව විශේෂයෙන් ප්රමුඛස්ථානයක් ගන්නා බවත්, අනෙකුත් ආරක්ෂක අංශ ද සමඟ එක්ව පුළුල් මෙහෙයුමක් රජය විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් ය. ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාමාර්ග නව සැලැසුම් ඔස්සේ දියත් කරන බව ද අවධාරණය කර ඇත.